
Hosted by Champike Yatagama · SINHALA

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව source: https://www.sbs.com.au/language/sinhala

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු Source: SBS Sinhala

SBS link: එළඹෙන නත්තල් සමයේදී සහ නිවාඩු සමයේදී අප ඉලක්ක කරමින් වංචාකරුවන් සිදුකරන විවිධ වංචා සහ එම වංචාවන්ට හසු නොවී මුදල් ආරක්ෂා කරගනිමින්ආ රක්ෂිත නිවාඩු සමයක් භුක්ති විඳීමට අත්‍යවශ්‍ය වන කරුණු පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න. https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/be-aware-of-this-to-stay-scam-safe-this-festive-season/j77h0z7mb වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

ඔස්ට්‍රේලියාවෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දි වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? දැනට අවුරුදු 13ට අඩු දරුවන්ට තියෙන වාරණය වයස 13-15 අතර තැනකට ගේන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනකොට අධ්‍යයනයක් කරනවා. රටවල් කිහිපයක් කලින් උත්සාහ කරලා හරි නොගිය මේ වැඩේ කරන්න ෆෙඩරල් ආන්ඩුව ටිකක් බැහැලා ඉන්න වග පේනවා. මේ වෙලාවෙ ඩොලර් මිලියන 6.5ක මුදලක් වෙන කරලා තියෙනවා වයස තාක්ශණිකව සහතික කර ගැනීමේ අථදා බැලීමකට (age verification trial) නමුත් මේක කොච්චර සාරථක වෙයිද කියන්න බෑ ඒ එක්ක එන පුද්ගලිකත්වය වැනි වෙනත් අභියෝග නිසා. මේ වැඩේට හරි යන්නෙම අපි දරුවන් අතර වෙන අවබෝධාත්මක එකඟතාවයක් - (පට්ට අමාරු වැඩක් - අත්දැකීමෙන් කියන්නෙ). ඔය ගැන කතා කරන්න, ඇමතුමක් ලැබුනා SBS සිංහල ගුවන් විදුලියෙන්. අද ලෝක ළමා දිනය සහ අද තමා ආරම්භ වන්නෙ. අද දින විකාශය වූ මේ වැඩසටහන ඔබටත් කැමති නම් අහන්න පුලුවන් මේ ලින්ක් එක හරහා. මේ සඳහා ආරාධනා කල SBS Sinhala සේවයේ නිපුන සොයුරාට මගේ විශේෂ ස්තූතිය. Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-what-parents-need-to-know-to-protect-children-from-facebook-and-instagram-risks/70af1wubq

ඕස්ට්‍රේලියාව තුල මේ වෙද්දී නැතත් ඉහල යමින් තිබෙන Financial recovery scams මගින් ආරක්ෂා වීමට අප දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-how-to-avoid-new-scam-trend-in-australia-that-steal-money-from-the-same-people-who-have-been-scammed-before/wmauylfoq

අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න. මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට. SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-protect-your-personal-data-with-insecure-mobile-applications/zgemdcnts

SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r

Broadcast on 3ZZZ Community Radio on 9th October 2022. Duration: 7 minutes Transcript available at my blog: https://cyberwiparama.blogspot.com/

'Hi Mum': Scammers targeting parents by pretending to be children who need help. Broadcast on SBS Radio on 8th September 2022 Medium: Sinhala Article: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-not-to-get-caught-in-the-hi-mum-scam-in-australia-these-days/8acit8abu?fbclid=IwAR0uLP11MGNHo-7OWP-8YLlJEBkYHVOYTXw47sWH0eIONRpPHgR8MF9FajE

මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිරී ගියේ ලංකාවේ දේශපාලනික තත්ත්වය ගැන පල වෙන පෝස්ටු සහ කමෙන්ට්වලින්. ඔය අතරෙ නිතර ඇහුන සහ දැක්ක සංකල්පයක් තමා හෑශ්ටැග් කියන්නෙ. එය ලාංකික බොහෝ දෙනාට අලුත් අත්දැකීමක් වුන නිසාද කොහෙද, එහි ක්‍රියාකාරිත්වය ගැන වැටහීමකින් තොරව, උන්මාදයකින් මෙන් ඒවා භාවිතා කරනවා අපි දුටුවා; තාමත් දකිනවා. ඒ නිසා අද සයිබර් සටහනෙන් අපි කතා කරමු හෑශ්ටැග් හරි විදියට භාවිතා කරන හැටි කෙටියෙන්. මොකක්ද මේ හෑශ්ටැග් කියන්නෙ? කීබෝඩ් එකේ හෑශ් එහෙම නැත්නම් පවුන්ඩ් කියන සංකේතය ලියලා ඒකත් එක්ක වචනයක් හෝ එක දිගට ලියන වාක්‍ය කොටස, clickable ටැග් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නෙ ඒ වචනය හෝ වාක්‍ය කොටස click කලොත් එම හෑශ්ටැග් එකම තියෙන, ඒ සමාජජාලය තුල තියෙන ඕනෙම පෝස්ටුවක් එක්ක එය ගොනු ගත වෙනවා. ඒ කියන්නෙ ඔබ හෑශ්ටැග් එකක් එක්ක යමක් පල කලහොත් ඔබේ සටහන වැඩි පිරිසකට සොයා ගැනීම පහසු වෙනවා. උදාහරණයක් විදියට, ලංකාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන විදේශිකයෙක්, #VisitSriLanka හෝ #SriLankaTravel වගේ ටැග් එකක් සර්ච් කලොත්, ලංකාවේ සංචාරකයන්ට අදාල රූප, පුවත්, වීඩියෝ ආදිය ඔක්කොම එක තැනකට ඇවිත් පෙන්වනවා. සරල උපමාවකින් කිව්වොත් හෑශ්ටැග් එකක් කියන්නෙ ඩිජිටල් නූලකින් සයිබර් අවකාශෙ ඒ ටැග් එක තියෙන සියලුම පෝස්ට්, රූප ආදිය එකට ගැට ගහනවා වගේ වැඩක්. මෙයට කියන්නෙ content categorization කියලා. එහෙම එක හෑශ්ටැග් එකකට අදාල සියලුම දේ එකම තැනකට ගොනු වුනාම ඒකට කියනවා Hashtag feed එකක් කියලා. මේ නිසා හෑශ්ටැග් කියන සංකල්පෙ, එහි වැඩි පිරිසකට ලඟා වීමට තියෙන ශක්‍යතාවය නිසා digital marketing වල ඉතා ජනප්‍රිය අංගයක්. මෙය වැඩිපුරම භාවිතා වෙන්නෙ ට්විටර් සමාජ ජාලෙ. ඇත්තෙන්ම හෑශ්ටැග් කියන තාක්ශණයෙ උපත සිදුවෙන්නෙත් ට්විටර් වල. පසුව එය අනෙක් සමාජ ජාලා වලට පැතිරුනා.පර්යේශන වලින් හොයා ගෙන තියෙනවා, හරියට හෑශ්ටැග් භාවිතා කලොත්, ඉන්ස්ටග්රම් සමාජමාද්යයේ පෝස්ටුවක්, හෑශ්ටැග් නැති පෝස්ටුවකට වඩා 12% අමතර ක්‍රියාකාරිත්වයක් ලබනවා කියලා.. ඒ අතර ඉතා විශාල පිරිසක් ඒ හෑශ්ටැග් එකම භාවිතා කලොත්, එය බොහෝ දෙනෙක් දකින trending hashtag එකක් බවට පත් වෙනවා. ඒ නිසා පුලුවන් හැමෝම, හැම තැනකම තමන්ගෙ හෑශ්ටැග් එක අලවා ගෙන ගියා නම් එය විශාල පිරිසක් අතරට යවන්න පුලුවන් කියලා මේ ගැන සක්‍රිය බොහෝ දෙනා සිතා සිටින බවක් පේනවා. නමුත් සත්යය් එය නොවේ. හෑශ්ටැග් කියන දේ හරි අවබෝධයෙන් තමා පාවිච්චි කරන්න ඕනෙ. එකම හෑශ්ටැග් එක හැම තැනම කමෙන්ට් විදියට copy paste කරන අය ඔබ දැක ඇති. සමහර අය එකම හෑශ්ටැග් එක විස්ස, තිහ එකම පෝස්ට් එකේ ඇතුලත් කරලා අනෙක් අයටත් එය අලුත් පෝස්ට් විදියට copy/paste කොට එය ප්‍රචාරය කරන්න ඉල්ලා සිටිනවා. සමාජ මාධ්‍ය වල මේ වගේ ක්‍රියාකාරකම් හඳුනා ගන්නේ spamming විදියට. එවිට ඒවායේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය විසින් මේ වගේ පෝස්ටුවල reach එක අඩු කරනවා. තව දුරටත් මේ වැඩේ වෙනව නම් ඒ ගිනුම් බ්ලොක් කිරීමකට පවා ලක් වෙන්න පුලුවන්. Instagram සමාජ ජාලයේ මෙලෙසින් හෑශ්ටැග් අවභාවිතා කරන අයව shadowban නම් සීමා කිරීමකට ලක් කරනවා. එතනදි වෙන්නෙ ඒ දඬුවමට ලක් වුනු අයගේ පෝස්ට් පේන්නෙ එයාලගෙ followersලට විතරයි. ඉතින් කොච්චර හෑශ්ටැග් එකතු කරත් ඒකෙන් කිසි වැඩක් වෙන්නෙ නැහැ. අනෙක් සමාජ ජාලවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය එනම් ඇල්ගොරිතම් සියල්ල වැඩ කරන්නෙ මීට සමාන ආකාරයකින්. තව වැදගත් කාරනයක් තමා කමෙන්ට්වල හෑශ්ටැග් එකතු කරන්න පුලුවන් වුනාට එය මම අර මුලින් කිව්ව feed එකට ඒවා එකතු වෙන්නෙ නැහැ. ඉතින් එය පලක් නොවෙන වැඩක්. ඒ නිසා හැම කමෙන්ට් එකේම ඉවක් බවක් නැතිව හෑශ්ටැග් එකතු කරන ඔබේ මිතුරාට එහි නිශ්පල බවත්, එය නිතර කිරීමෙන් තමන්ගෙ ගිනුමට හානි විය හැකි බවත් පැහැදිලි කර දෙන්න. එසේ නම් කොහොමද නිවැරදිව හෑශ්ටැග් භාවිතා කරන්නෙ? පර්යේශන වලින් හොයා ගෙන තියෙනවා වඩාත්ම ප්රතිපලදායක උපරිමව හෑශ්ටැග් දෙකක් හෝ තුනක් එකතු කිරීම. ඊට වඩා යාමෙන් reach එක අඩුවෙනවා. එලෙස එකතු කරන හෑශ්ටැග් තියෙන පෝස්ටුව public විදියට privacy setting එක තබන්න ඕනෙ. එය මිතුරන්ට පමනක් පේන විදියට නම් දාන්නෙ, ඔබ එකතු කරන hashtag සහිත පෝස්ටුව hashtag feed එකට යන්නෙ නෑ. අනික් වැදගත් කාරනේ, උමතුවෙන් වගේ හැමෝම එකතු කරන නිසා හෑශ්ටැග් එක විතරක් එකතු කරලා වැඩක් නැහැ. නිර්මාණශීලි දෙයක්, එයට අදාල රූපයක්, වීඩියෝවක් එක්ක එය එකතු කරන්න. එහෙම නොවුනොත් මා අර මුලින් සඳහන් කල ෆීඩ් එකේ වටින පෝස්ට් පහලට ගොස් අර්ථ විරහිත, හරසුන් පෝස්ට් උඩට එනවා. මේ ඉතා කෙටියෙන් වැදගත් කාරනා කිහිපයක් පමනයි සඳහන් කලේ. මේ ගැන අන්තර්ජාලයෙන් තව කරුනු අද්යයනය කරන්නත් මම යෝජනා කරනවා. ඒ නිසා ඔබට පැහැදිලි ඇති මේ ගැන දැනුවත්ව මේ තාක්ශනයන් භාවිතා නොකලහොත්, අපිට වෙන්නෙ #ෆේල් වෙන්න.